කතරගම පුදබිම වැස්සට සේදෙනවා | දිනමිණ

කතරගම පුදබිම වැස්සට සේදෙනවා

ඓතිහාසික රුහුණු මහා කතරගම පුදබිමට අයත් භූමිය වැසි තත්ත්වය හේතුවෙන් දිනපතා කැඩී විනාශ වී මැණික් ගඟට සේදී යමින් පවති.

මේ වන විට පූජා භූමියේ වැසි ජලය ගලා බැසීමට සකස් කළ කානු පද්ධතිය ගොඩ වී ඇති අතර මේ කානු පද්ධතියන් වසර ගණනාවක් පුරා සුද්ධ පවිත්‍ර කිරීමක් කර නොමැත.

කතරගම දෙවියන්ට අයත් පුදබිම වැසි ජලයෙන් සේදි මැණික් ගඟට දිය වී ගියත් කතරගම පුදබිම සම්බන්ධ වග කිව යුතු කිසිවකු මේ දක්වා කිසිදු පියවරක් ගෙන නෙමැති අතර පෙරේදා (6) පැවති මහා වැසි නිසා අෂ්ඨ ඵල බෝධියට මීටර් 150ක් පමණ දුරකින් යුතු දෙවියන්ගේ පැන් ගන්නා ස්ථානයේ ගං ඉවුරු කඩා ගෙන ගෙස් පවති.

මේ වනවිට මැණික් නදිෙය් ආරක්ෂාවට ඉදිකළ පැති බැමි ද සියල්ලම කඩා වැටී අැත.

වසර දහස් ගණනාවක් පුරා පවතින කතරගම දෙවියන්ට අයත් පුදබිමට පතිත වන වැසි ජලය නිසි කළමනාකරණයකින් බැස යෑම පිණිස කනු පද්ධතියක් සකස් නොකිරිම මත දේවාලය, කිරිවෙහෙර, අෂ්ඨ ඵල බෝධින් වහන්සේ යන උතුම් පූජනිය ස්ථාන දැඩි අවදානමකට ලක්ව පවති.

සටහන හා ඡායාරූප - කතරගම
සංචාරක කේ. ඩී. දේවප්‍රිය 

නව අදහස දක්වන්න