සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතා ත්‍රිත්වයක් වලල ඒ.රත්නායක විදුහලට | දිනමිණ

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතා ත්‍රිත්වයක් වලල ඒ.රත්නායක විදුහලට

වර්නන් ගුණසේකර

2017 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ මිශ්‍ර පාසල් ශූරතාව දිනා ගැනීමට මධ්‍යම පලාතේ වලල ඒ.රත්නායක මධ්‍ය මහ විදුහල සමත් විය.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගාවලියේ අවුරුදු 20න් හා 18න් පහල බාලිකා ශූරතා හිමිකර ගත්තේද වලල ඒ.රත්නායක විදුහලයි.

අවුරුදු 20න් පහල බාලක ශූරයන් වීමට බස්නාහිර පලාතේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සමත් වූ අතර අවුරුදු 18න් පහල බාලක ශූරතාව කොළඹ සාන්ත බෙනඩික්ට් විදුහල දිනා ගත්තේය.

අවුරුදු 12න් පහල ශූරතා

බාලක: කොළඹ රාජකීය විද්‍යාලය
බාලිකා: කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහල

අවුරුදු 14න් පහල ශූරතා

බාලක: කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහල
බාලිකා: නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය

අවුරුදු 16න් පහල ශූරතා

බාලක: වයඹ සාන්ත මරියා විද්‍යාලය
බාලිකා: වත්තල ගේට්වේ ජාත්‍යන්තර පාසල

2017 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා සමස්ත ප්‍රතිඵල මෙසේය.

ශූරතාව: බස්නාහිර පලාත (ලකුණු 1268)
අනුශූරතාව: මධ්‍යම (526)
3 වැනි ස්ථානය: වයඹ (438)
4 වැනි ස්ථානය: සබරගමුව (355)
5 වැනි ස්ථානය: දකුණ (347)
6 වැනි ස්ථානය: උතුර (158)
7 වැනි ස්ථානය: උතුරු මැද (57)
8 වැනි ස්ථානය: ඌව (52)
9 වැනි ස්ථානය: නැගෙනහිර (38)

නව අදහස දක්වන්න