රත්නපුරට නායයෑමේ අවදානමක් | දිනමිණ

රත්නපුරට නායයෑමේ අවදානමක්

රත්නපුර දිස්ත්‍රික්කය සඳහා නායයෑමේ අවදානමක් නිකුත් කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් එම නිවේදනය නිකුත් කර ඇති බවයි.

කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර ඇති බැවින් පහළ ජල ධාරා ප්‍රදේශයේ ජනතාව සැලකිළිමත් විය යුතු බව ද එම මධ්‍යස්ථානය පවසයි.

නව අදහස දක්වන්න