නාවික හමුදා මැරීන් බළගණය පුහුණුව නිමකර විසිර යති | දිනමිණ

නාවික හමුදා මැරීන් බළගණය පුහුණුව නිමකර විසිර යති

ගාල්ල උතුර සමූහ - දික්වැල්ලේ තිලකරත්න

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළගණයට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරී 8 දෙ‍ෙනක් සහ නාවිකයෝ 144ක් සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් පසුගියදා ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බළඇනි මූලස්ථානයේදී විසිර ගියහ.

මේ විසිර යාමේ සහ ලාංඡන පැලදවීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික ප්‍රදේශය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා සහභාගී විය. රියර් අද්මිරාල් කපිල සමරවීර, අධ්‍යක්ෂ නාවික ගොඩබිම් මෙහෙයුම් කොමදෝරු උදේනි සේරසිංහ , ශ්‍රීලංකා නෞකා විදුර ආයතනයේ ආඥාපති කපිතාන් (නාසෙ) සුමිත්‍ර ෆොන්සේකා මහත්වරු සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මීට සහභාගී වී සිටියහ.

නව අදහස දක්වන්න