රිය අනතුරකින් 16ක් රෝහලේ | දිනමිණ

රිය අනතුරකින් 16ක් රෝහලේ

කොළඹ නුවර මාර්ගයේ කෑගල්ල, මීපිටිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද උදෑසන මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයේ නතර කර තිබූ ටිපර් රථයක සහ ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් සිව් හැවිරිදි සහ 11 හැවිරිදි ළමුන් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු තුවාල ලබා තිබේ.
 

නව අදහස දක්වන්න