දකුණු ආසියා පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල නේපාලයට | දිනමිණ

දකුණු ආසියා පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල නේපාලයට

ප්‍රින්ස් ගුණසේකර

නේපාලයේ කත්මණ්ඩු නුවරදී මේ 18වැනිදා සිට 27වැනිදා දක්වා පැවැත්වෙන 15න් පහළ දකුණු ආසියානු පාපන්දු තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පිල අද නේපාලය බලා පිටත්වෙයි. ශ්‍රී ලංකාව ‘ඒ‘ කාණ්ඩයෙන් තරගවදින අතර එම කාණ්ඩයේ බංග්ලාදේශය හා භූතානය ක්‍රීඩා කරති.

‘බී’ කාණ්ඩයෙන් ඉන්දියාව, නේපාලය හා මාලදිවයින තරගාවලියට එක්ව සිටින අතර පළමු තරගය 18වැනිදා ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාව හා භූතානය අතර තරගය 20වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙහි අවසන් පූර්ව තරග 25වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය 27වැනිදා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා 15න් පහළ පාපන්දු නායකත්වය සන්දීප් වාස්ට හිමිවූ අතර ඔහු පසුගියදා නිමාවට පත්වූ දකුණු ආසියා - ජපාන පාපන්දු හුවමාරු වැඩසටහනට සමගාමීව පැවැති පාපන්දු තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූ ක්‍රීඩකයෙකි.

නව අදහස දක්වන්න