පාසල් පිහිනුම් තරගාවලියේ 9න් පහළ දක්ෂතමයා පින්සර | දිනමිණ

පාසල් පිහිනුම් තරගාවලියේ 9න් පහළ දක්ෂතමයා පින්සර

කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ පැවැති 10 වැනි ශ්‍රී ලංකා පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ දී අවුරුදු 9න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අම්පාර ‘සසෙක්ස්’ විද්‍යාලයේ පින්සර සදහම් මහිම හෙට්ටිආරච්චි සම්මාන දිනා ගැනීමට සමත් විය.

එම තරගාවලියේ දී ඔහු නිදහස් ආර, ලය ආර සහ සමනල ආර යන ඉසව් තුනෙන්ම ප්‍රථම ස්ථානය දිනා ගනිමින් එම සම්මානයට හිමිකම් කීය. තරගාවලියේ අවුරුදු 9න් පහළ වයස් කාණ්ඩයේ දෙවැනි ස්ථානය ද අම්පාර ‘ග්ලෝබ ලයිෆ්’ පාසලේ පහන් අනුසාර විසින් දිනා ගෙන තිබීමද විශේෂයකි. ඔහු කේවල ඉසව්වෙන් ප්‍රථම ස්ථානයත් නිදහස් ආර හා ලය ආර ඉසව්වලින් දෙවැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් විය. එසේම මේ තරගාවලියේ 6 වැනි ස්ථානයද අම්පාර කාවන්තිස්ස මහා විද්‍යාලයේ චමිත් සස්මික විසින් දිනා ගෙන ඇත. මොවුන්ගේ පුහුණුකරු වුයේ ඩී.එස්.සේනානායක ජාතික පාසලේ පිහිනුම් පුහුණුකරු ඉන්දික කුමාර මහතාය.

අම්පාර සමූහ - රවින්ද්‍ර මැදගෙදර

නව අදහස දක්වන්න