හිටපු බැඩ්මින්ටන් ලොක්කෝ තුනකට තනතුරු තහනම් | දිනමිණ

හිටපු බැඩ්මින්ටන් ලොක්කෝ තුනකට තනතුරු තහනම්

ප්‍රින්ස් ගුණසේකර

බැඩ්මින්ටන් පරිපාලනය බලය ලත් නිලධාරියකු යටතට

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ හිටපු සභාපති සුරාජ් දන්දෙනිය, ලේකම් අමල් ඩයස් හා භාණ්ඩාගාරික රුවන් ගාල්ලගේ යන මහත්වරුන්ට ජීවිත කාලයටම කිසිඳු ක්‍රීඩා සංගමයක නිලතල දැරීම තහනම් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගනී.

නව ක්‍රීඩා රෙගුලාසි අනුව කිසියම් සංගමයක වාර්ෂික මූල්‍ය ප්‍රකාශන විගණනය කොට නිලවරණ පැවැත්වීමට අපොහොසත් වුවහොත් එම සංගමයේ ප්‍රධාන නිලධාරීන් තිදෙනා ක්‍රීඩා තනතුරු දැරිය නොහැකි බවට වගන්ති ඇතුළත් බැවින් බැඩ්මින්ටන් ප්‍රධාන නිලධාරින් තිදෙනාට ක්‍රීඩා තනතුරු තහනම් වන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඉකුත්දා නිමාවූ බැඩ්මින්ටන් නිලවරණය නීති විරෝධි බවත් ක්‍රීඩා ඇමැතිවරයා හැටියට තමාට පැවැරී ඇති බලතල අනුව බැඩ්මින්ටන් පරිපාලනයට බලය ලත් නිලධාරියකු පත්කරන බවද ඇමැතිවරයා පැවැසීය.

අනතුරුව විගණකාධිපති සමග සාකච්ඡා ‍කොට බැඩ්මින්ටන් නිලවරණය පැවැත්වීම ක්‍රීඩා අමාත්‍යාංශයේ අපේක්ෂාව වී තිබේ. 

නව අදහස දක්වන්න