2020 ප්‍රධාන අපනයන අදායම් මාර්ග අතරට මත්ස්‍ය අපනයනය | දිනමිණ

2020 ප්‍රධාන අපනයන අදායම් මාර්ග අතරට මත්ස්‍ය අපනයනය

බුද්ධිකා ඉඹුලාන

වසර 2020 දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන අදායම් මාර්ග අතරට මත්ස්‍ය අපනයනය ගෙන ඒමට අවශ්‍ය සියලු පියවර මේ වන විට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් ගෙන ඇතැයි, ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි..

අපේ රටේ මත්ස්‍ය සම්පත ගුණාත්මකභාවයෙන් ඉහළ මට්ටමක තිබෙන නිසා ලෝකයේ බොහෝ රටවල් අපේ මසුන් සඳහා ඉල්ලුම් කරන අතර .

පසුගිය වසරේ මත්ස්‍ය අපනයනය මගින් ලද ආදායම කෝටි 120කින් ඉහළ ගොස් තිබෙන බවද ඇමැතිවරයා කියයි.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ, කිංග්ස්බරි හෝටලයේ ආරම්භ වූ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිළිබඳ අන්තර් ජාතික වෙළඳ හා තාක්ෂණික සමුළුව අමතමිනි. මෙම අන්තර් ජාතික තාක්ෂණික සමුළුව හා සම්මන්ත්‍රණය ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, ශ්‍රීලංකා විසිතුරු මත්ස්‍ය අපනයන කරුවන්ගේ සංගමය සහ මැලේසියාවේ ස්ථාපිත ආසියා සහ පැසිපික් කළාපීය රාජ්‍යයන් අතර අළෙවි තොරතුරු සහ තාක්ෂණික උපදෙස් සේවා සංවිධානය (INFOFISH )එක්ව සංවිධානය කර තිබිණි.

මෙහිදී අදහස් පළ කළ ඇමැතිවරයා - ශ්‍රීලංකාව විසින් අපනයනය කරන නිෂ්පාදන අතර, සියලුම රටවලින් ඉහළම ඉල්ලුමක් තිබෙන නිෂ්පාදනය නම්, ධීවර කර්මාන්තය ආශ්‍රිතව සිදුකෙරෙ න මත්ස්‍ය නිෂ්පාදන අපනයනයයි. අපේ රටේ මත්ස්‍ය සම්පත ගුණාත්මකභාවයෙන් ඉහළ මට්ටමක තිබෙන නිසා ලෝකයේ බොහෝ රටවල් අපේ මසුන් සඳහා ඉල්ලුම් කරනවා. පසුගිය වසරේ මත්ස්‍ය අපනයනය මගින් ලද ආදායම කෝටි 120කින් ඉහළ ගොස් තිබෙනවා. දැනටඅප රටෙන් අපනයනය කරන නිෂ්පාදන අතර, 11 වන ස්ථානය හිමි වන්නේ ධීවර කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවලටයි. නමුත්, අපේ ඉලක්කය 2020 වන විට අංක 1 හෝ 2 ස්ථානවලට පැමිණීමයි. අප රටේ වී නිෂ්පාදනය කළත්, අප රටේ සහල්වලට ජාත්‍යන්තර වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් නැහැ. බොහෝ වෙලාවට වී අතිරික්තයක් තිබූ අවස්ථාවල අපි සහල් නොමිලේ ලබා දී තිබෙන් නේ ඇතැම් අප්‍රිකානු රටවලටයි. එසේත් නැත්නම් සත්ත්ව ආහාර සඳහා. අපේ සහල් මිළ දී ගන්නවා. එයට හේතුව තමයි ව්‍යාපාරික මට්ටමෙන් අප රටේ සහල් නිෂ්පාදන කර්මාන්තය පුළුල් නොවීම. නමුත්, මසුන් අපනයනය ගත් විට තවමත් අපට සැපයීමට හැකි වී තිබෙන්නේ අපේ මසුන්ට තිබෙන ඉල්ලුමෙන් තුනෙන් එකක් පමණයි.

විසිතුරු මත්ස්යප කර්මාන්තය ගත් විට මුළු මත්ස්‍ය අපනයනයෙන් 60%ක් 70%ක් පමණ වනවා. ශ්‍රීලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය මේ වන විට ඉහළ සංවර්ධනයක් ලබා තිබෙනවා. අද පැවැත්වෙන මෙම සමුළුවට රටවල් ගණනාවක විද්වතුන් සහභාගි වී සිටිනවා. මෙම කර්මාන්තය සම්බන්ධයෙන් ඔවුන් තුළ තිබෙන දැනුම සහ අත්දැකීම් අපේ රටේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නිරත ව සිටින කර්මාන්තකරුවන්ටත් වැදගත් වේ යැයි මම සිතනවා.

ශ්‍රී ලංකාවේ කරදිය, කිවුල් දිය සහ මිරිදිය ආශ්‍රිතව විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සිදු කෙරෙන අතර, විශේෂයෙන් ගප්පි, ස්වෝඩ්ටේල්, ප්ලේට්, මෝලි, ඒන්ජල්, ටෙට්රාළ, බාබ්, ගුරාමි, ඩිස්කස්, ඔස්කා, ෆයිටර්, ගෝල්ෆිෂ්, කොයි, ස්කැවේන්ජර් යන මසුන්ප්‍රධාන තැනක් උසුලනවා.. ලෝක වෙළඳපොලට සමස්ත අවශ්‍යතාවයෙන් 06%ක් පමණ ශ්‍රීලංකාව විසින් සපයනු ලබනවා.2016 වසරේ දී විසිතුරු මත්ස්‍ය අපනයනය මගින් ලබන ලද ආදායම රුපියල් මිලියන 1269ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2015 දී අප ලැබූ අදායම රු. මිලියන 1158ක් යැයිද ඇමැතිවරයා මෙහිදී පැවැසීය. 

 

නව අදහස දක්වන්න