Wednesday, ජනවාරි 11, 2017 - 12:30
ශ්රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 51 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සහ ඉන්දීය අත්ඩංගුවේ සිට නිදහස ලැබූ ශ්රී ලාංකික ධීවරයින් 03 දෙනෙකු යලි මෙරටට භාරදීම ශ්රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.
කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේ දී මෙය සිදු කෙරිණ.
ඒ සඳහා L 820 යාත්රාව සහ ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ CG 48 යාත්රාව මෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘සාගර්’ නෞකාව සහභාගී විය.
නව අදහස දක්වන්න