ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම්වලට ගෙවීම් එපා | දිනමිණ

ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම්වලට ගෙවීම් එපා

 ප්‍රමිතියෙන් තොර ඉදි කිරීම්වලට ගෙවීම් සිදු නොකරන්නැයි ඇමැති දයා ගමගේ අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

අම්පාර දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීම අමතමින් ඔහු පැවසූයේ, නියමිත පරිදි ඉදි කිරීම් සිදුකර ඇතිදැයි සොයා බැලිය යුතු බවයි.

එමෙන්ම, රජයේ කාර්යාලවලට පැමිණෙන මහජනතාවට නිසි ලෙසින් සේවය සැපයිය යුතු බව හෙතෙම අවධාරණය කර සිටියේය. තමාට අයත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ සැලසුම් සියල්ලම මාර්තු මාසයට පෙර ක්‍රියාත්මක කොට අවසන් කළ යුතු බවද ඔහු පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසූයේ, දිස්ත්‍රික්කයේ පවතින උග්‍ර ජල ප්‍රශ්නය විසඳාලීමට විශාල මුදලක් අවශ්‍ය බවයි.

වන අලින් ගම් වැදීම වැලැක්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම එම දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල අනවසර පදිංචිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු කීය. 

නව අදහස දක්වන්න