ලොතරැයි අලෙවි නියෝජිත විරෝධය - update | දිනමිණ

ලොතරැයි අලෙවි නියෝජිත විරෝධය - update

ලොතරැයි මිල ඉහළ දැමීමෙන් මතුවන ගැටලුවලට විරෝධය දක්වමින් ලොතරැයි අලෙවියෙන් බැහැරව සිටින මාතලේ දිසා ලොතරැයි නියෝජිතයන්ගේ සංගමය සහ අලෙවිකරුවන්ගේ සංගමය ඒකාබද්ධව අද පස්වරුවේ මාතලේ ඔරලෝසු කණුව මංසන්ධියේදී විරෝධතාවක නිරත විය.

ලොතරැයි අලෙවි නියෝජිතයින් අදත් විරෝධයේ - update

උද්ඝෝෂකයින් පැවසුවේ දැනෙට පවතින රුපියල් 20 මිල වෙනස් නොකර කොමිස් මුදල වැඩි කරන ලෙසයි.

මේ අතර ලොතරැයි මණ්ඩලය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අලව්ව හා ඊට තදාසන්න ප්‍රදේශයේ ලොතරැයි අලෙවි කිරිම් වලින් ඉවත්ව කටයුතු කිරීම හේතුවෙන් අලව්ව නගරය සහ ඊට තදාසන්න ප්‍රදේශයේ ලොතරැයි අලෙවි මධ්‍යස්ථාන සහ විකුණුම් කුටි 30 කට අධික සංඛ්‍යාවක් වසා දමා ඇත.

බෝයවලාන,කුඩගම්මන,මාහාරගම,කැප්පිටිවලාන,හුම්බුළුව,පරමාඋල්ල,වළකුඹුර,මහරච්චිමුල්ල,පඹදෙණිය,වදාකඩ යන ආදී ප්‍රදේශ වල අප කළ සංචාරයේදී විකුණුම් අලෙවි කුටි වසා දමා ඔවුන් ලොතරැයි අලවියෙන් ඉවත් ව සිටියද ලොතරැයිපත් අලෙවි කරනු ලබන පොත් සැල් වැනි කුඩා වෙළදසැල් වල ලොතරැයිපත් අලෙවි කරන අයුරු දක්නට ලැබිණි.

ලොතරැයිපත්වල මිල වැඩි කිරීම හේතුවෙන් ලෙතරැයිපත් මිලදී ගන්නා පාරිභෝගිකයන් සියලු දෙනා දැඩි අසීරුතාවයට පත් වන බවත් වසර ගනනාවක් තිස්සේ තමන් කරගෙන ආ ලොතරැයි පත් අලෙවි කිරීමේ කටයුතු අඩාල වී තමන් කබලෙන් ලිපට වැටි ඇති බවට ලොතරැයි අලෙවි කරුවෝ දිනමිණට පැවසීය.

නව අදහස දක්වන්න