සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පීඑල්සී නව ප්‍රධාන විධායක නිලධාරී ඉවෝන් බ්‍රෝහියර් | දිනමිණ

සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පීඑල්සී නව ප්‍රධාන විධායක නිලධාරී ඉවෝන් බ්‍රෝහියර්

සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමුහයට අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් ඉවෝන් බ්‍රෝහියර් මහත්මිය 2023 මාර්තු 27 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇත. බ්‍රෝහියර් මහත්මිය සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පීඑල්සී සමාගමෙහි ප්‍රථම කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනිය වීම ද විශේෂත්වයකි.

අවුරුදු 15කට අධික පළපුරුද්දක් ඇති බ්‍රෝහියර් මහත්මිය 2020 වර්ෂයේදී සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන මුල්‍ය නිලධාරිනිය ලෙස කටයුතු කිරීමට පෙර, ශ්‍රී ලංකාවේ කීර්තිමත් මූල්‍ය ආයතන කිහිපයක නායකත්ව භූමිකාවන්හි කීර්තිමත් වෘත්තීයභාවයක් හෙබවූ අයෙකි. ඇය, අබාන්ස් ෆයිනෑන්ස් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය සහ ප්‍රධාන මුල්‍ය නිලධාරිනිය ලෙසත්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මුල්‍ය වාර්තාකරණ සහ පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනිය ලෙසත්, AMW කැපිටල් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ මූල්‍ය කළමනාකාරිනිය ලෙසත් කටයුතු කර ඇත.

බ්‍රෝහියර් මහත්මිය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CMA) යාවජීව සාමාජිකාවක වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියකට සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ BSc උපාධියකට ද හිමිකම් කියයි.

2011 අංක 42 දරන මුල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි මුල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී, 2000 අංක 56 දරන මුල්‍ය කල්බදු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී විශේෂඥ කල්බදු සමාගමක් ද වෙයි.

 

නව අදහස දක්වන්න