රියැදුරකු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ සිද්ධිය සැකකරුවන් රිමාන්ඩ් | දිනමිණ

රියැදුරකු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ සිද්ධිය සැකකරුවන් රිමාන්ඩ්

දිවුලපිටිය, මරඳගහමුල හපුවලාන මාර්ගයේදී යතුරුපැදියක් හරස් කර කාර් රථයක් නවතා කාර් රථයේ රියැදුරුව තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා අප්‍රේල් 4 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය ඉකුත් 21 වැනිදා පස්වරුවේදී නියම කළාය.

මරඳගහමුල, හපුවලාන සහ නැ/ පල්ලියපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන 30 හැවිරිදි පුබුදු මහේෂ් ප්‍රියදර්ශන සහ 24 හැවිරිදි යසන්ත බණ්ඩාර ගුණතිලක යන සැකකරුවන් දෙදෙනාව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් හිමාලි ජයසේකර මහත්මිය ඉදිරියේ මිනුවන්ගොඩ දිසා අධිකරණ සංකීර්ණයේදී ඉකුත් 21 වැනිදා පෙරවරුවේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී පැමිණිල්ලේ එක් සාක්ෂිකරුවෙකු එක් සැකකරුවෙකු හඳුනා ගත් බවට අධිකරණයේ දී සඳහන් විය.

මරඳගහමුල ප්‍රදේශයේදී ඇතිවූ ආරවුලකින් පසු මිනුවන්ගොඩ, වටිනාපහ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි දෙදරු පියෙකු වූ සංදික නිරෝෂන් ප්‍රනාන්දු නමැති ව්‍යාපාරිකයාව ඉකුත් 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබුණි. දිවුලපිටිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ උ.පො.ප. සුබසිංහ නිලධාරියා පැමිණිල්ල මෙහෙයවිය.

ගම්පහ සමූහ ටෝනි කරුණානායක

නව අදහස දක්වන්න