සොත්ති උපාලිගේ පුතාගේ යාළුවා ළඟ නවීන පිස්තෝලයක් | දිනමිණ

සොත්ති උපාලිගේ පුතාගේ යාළුවා ළඟ නවීන පිස්තෝලයක්

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සොත්ති උපාලිගේ පුතා වන ශිරන්ත ගයාන් හෙවත් ගයියාගේ සමීපතමයකු විදේශ රටක නිෂ්පාදිත නවීනතම පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, බොරැල්ල රාජකීය ගොල්ෆ් ක්ලබ් ප්‍රදේශය අසල දීය. 28 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී සොයාගත් ගිනි අවිය සහ ජංගම දුරකතනය වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත බාරදී ඇත.

 

ගයාන් කුමාර වීරසිංහ

බණ්ඩාරගම

බිමල් ජයසිංහ

නව අදහස දක්වන්න