දර්ශන හඳුන්ගොඩට ඇප | දිනමිණ

දර්ශන හඳුන්ගොඩට ඇප

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.
 
ඊයේ (05) රාත්‍රී ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ඔහු අත්අඩංගුවට ගැණුනි.
 
අනතුරුව ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුට ඇප ලබාදීමට නියෝග කෙරුණි.
 
ප්‍රචණ්ඩත්වය ඉස්මතුවන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම මඟ හැර යාමේ චෝදනාව මත දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගනුලැබූ බව පොලිසිය පවසයි.
 

නව අදහස දක්වන්න