චීන රජයේ උදහසට ලක් වූ ජැක් මා ජපානයේ | දිනමිණ

චීන රජයේ උදහසට ලක් වූ ජැක් මා ජපානයේ

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන ජැක් මා බිය ගැන්වීම ඇතුළු චීනයේ විශාලතම ව්‍යාපාරිකයන් දැඩි කැලඹීමට පත් කිරීමෙන් චීන රජය ගෝලීය ආර්ථිකයේ උපාය මාර්ගික සැලසුම් දැඩි කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විදෙස් රටවල ආයෝජන සිදු කිරීමෙන් එරට ව්‍යාපාරිකයන් වළක්වා ගැනීමේ අරමුණ ඇතිව මේ උපාය මාර්ගික සැලසුම් සිදු කරමින් සිටින බවට චීන රජයට එරට ව්‍යාපාරිකයන් චෝදනා කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආර්ථික හා ව්‍යාපාරික ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට එරට රජය පසුගිය කාලයේ කටයුතු කර තිබිණි.

ලෝක ප්‍රකට අලිබබා අන්තර්ජාල ව්‍යාපාරයේ හිටපු විධායක සභාපතිවරයා වන ජැක් මා රජයේ ව්‍යාපාරික නීතිරීති උල්ලංඝනය කළ බවට පසුගිය කාලයේ චීනය විසින් දැඩි විවේචනයට ලක් කරනු ලැබූ අතර, වසර 2020 ඔක්තෝබරයේ සිට 2021 ජනවාරිය දක්වා කාලයේ දී ඔහු අබිරහස් ලෙස අතුරුදන්වී සිටියේය. ඔහු මේ වන විට ජපානයේ තෝකියෝ නුවර පදිංචිව සිටින බව වාර්තා වේ.

නව අදහස දක්වන්න