මවගේ අනියම් සැමියාගෙන් ශ්‍රවණාබාධිත දැරියට අතවර | දිනමිණ

මවගේ අනියම් සැමියාගෙන් ශ්‍රවණාබාධිත දැරියට අතවර

කොටදෙණියාව පොලිස් වසමේ පදිංචි අවුරුදු 15යි මාසයක් වයසැති බාල වයස්කාර ශ්‍රවණාබාධිත දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ එම දැරියගේ මවගේ අනියම් සැමියා ලබන 13දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය.කොටදෙණියාව,බාඳුරාගොඩ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින මහව ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වන 39 හැවිරිදි එක් දරු පියකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු වින්දිත දැරිය මීගමුව ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළත් කරන ලෙසට ද අධිකරණයෙන් නියම කෙරුණි. දැරියගේ මව 41හැවිරිදි වලපනේ කීර්ති බණ්ඩාර ප්‍රදේශයේ ස්ථීර පදිංචිකාරියක් බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.වින්දිත දැරියගේ මව නීත්‍යනුකූල සැමියාගෙන් වෙන්ව බාඳුරාගොඩ ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් නිවෙසක සැකකරු සමඟ පදිංචිව සිටින බවත් ඇයට සැකකරුට දාව අවුරුදු හතරක් පමණ වයසැති පිරිමි දරුවකු සිටින බවත් පොලිසිය කීය. සැකකරුට සහ මවට ස්ථීර රැකියාවක් නොමැත.

මව නිවෙසින් පිටට යන අවස්ථාවන්හි දී සැකකරු විසින් දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව අධිකරණයේදී සඳහන් විය. දැරිය මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැරිය දූෂණයට ලක්ව ඇති බව වෛද්‍ය පරීක්ෂණයෙන් සනාථ වී ඇති බව අධිකරණයේදී සඳහන් විය. දැරිය ශ්‍රවණාබාධිත හෙයින් දැරියගෙන් වැඩිදුර ප්‍රකාශ ලබාගැනීම සඳහා භාෂා පරිවර්තකයකුගේ සහාය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව ද පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. කොටදෙණියාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි (උප පො. ප ) ආර්. පී .ඒ.රන්දුනු , සැරයන්වරුන් වන හේරත් (19918)සහ චන්ද්‍රසේකර (34621) යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙය වූහ.

 ටෝනි කරුණානායක ගම්පහ සමූහ

නව අදහස දක්වන්න