සමගියේ සංකේතයක් බඳු ජාතික උත්සවයක් | දිනමිණ

සමගියේ සංකේතයක් බඳු ජාතික උත්සවයක්

 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරන සියලුම ලක්වැසියන්ටත් විදේශයන්හි සිට අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකිකයන්ටත් මගේ උණුසුම් සුබ පැතුම් එක් කරන බව විපක්ෂ නායක දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පවසයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක්ම නොව පාරම්පරිකව අපගේ සංස්කෘතියට තදින් මුල් බැස ගත් උත්සවයකි. එය ජාතිය, කුලය ආදී බෙදීම් නොතකමින් ජනතාව ඒකරාශී කරන සමඟියේ සංකේතයක් බඳු වූ ජාතික උත්සවයකි.

එබැවින් මෙම උත්සව සමයේ විවිධ ප්‍රජාවන් අතර සමඟිය ඇතිවන අයුරින් සබඳතා ශක්තිමත් කිරීමට අත්වැල් බැඳ ගන්නා මෙන්ද ජාතික සමඟිය ඇතිකරලීමට කටයුතු කරන මෙන් ද මම සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිමි.

ප්‍රීතිමත්ව හා සතුටින් මෙම උත්සවය සැමරීමට එක්වන ලෙස සැමදෙනාම දිරමත් කරවන අතර විවිධ කරුණු මත මෙම උත්සවය සැමරීමට භාග්‍ය නොලත් පුද්ගලයන් ද මතක් කරන මෙන් මම ඉල්ලා සිටිමි. ලබන්නා වූ මෙම අලුත් අවුරුද්ද ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වන සාමයෙන් හා සමෘද්ධියෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ! මගේ ප්‍රාර්ථනයයි.

ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !

නව අදහස දක්වන්න