ප්‍රංශයේ උද්ධමනය මැඬ පැවැත්වීමට යුරෝ බිලියන 9ක කෙටුම්පතක් | දිනමිණ

ප්‍රංශයේ උද්ධමනය මැඬ පැවැත්වීමට යුරෝ බිලියන 9ක කෙටුම්පතක්

ජූලි මාසයේ සිට ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා කාලය ඇතුළත ප්‍රංශයේ පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා රජයට සහාය වීමට එරට නීති සම්පාදකයන් යුරෝ බිලියන 8ක් වැය කිරීම සඳහා විශේෂ පනතක් කෙටුම්පත් කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය. ගෝලීය ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත මේ කෙටුම්පත මගින් එරට උද්ධමනය පාලනය කිරීමට හැකි වනු ඇතැයි ප්‍රංසයේ නීති සම්පාදක මණ්ඩලය විශ්වාස කරන බව ද වාර්තා වේ.

එරට ජනතාවට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව සැපයීමටත්, රැකියා විරහිත කම්කරුවන්ට සහ ආබාධිත පුද්ගලයන්ට මෙන්ම විශ්‍රාම වැටුප් ලබන්නන්ට ද එමගින් යම් සහනයක් සැලසීම එම කෙටුම්පතේ අරමුණ වී ඇතැයි ප්‍රංසයේ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

 

නව අදහස දක්වන්න