මැරතන් ක්‍රීඩකයන් 6කට නෙස්ටොමෝල්ට් අනුග්‍රහය | දිනමිණ

මැරතන් ක්‍රීඩකයන් 6කට නෙස්ටොමෝල්ට් අනුග්‍රහය

පසු පෙළ (වමේ සිට) - මධුර පෙරේරා මහතා (පුහු­ණු­කරු), අමල් එදි­රි­සූ­රිය මහතා (ක්‍රීඩා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල්), අනු­රාධ විජේ­කෝන් මහතා (ක්‍රීඩා සහ යෞවන කට­යුතු අමා­ත්‍යාංශ ලේකම්), රුවන් වැලි­කල මහතා (නෙස්ලේ ලංකා සමා­ගමේ උප සභා­පති-කිරි ආහාර අංශය), සුගත් සංජීව මහතා (නෙස්ලේ ලංකා සමා­ගමේ ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­කරු අනු­ග්‍ර­හ­කත්ව සහ ක්‍රියා­කා­ර­කම්), සජිත් ජය­ලාල් මහතා (ජාතික ක්‍රීඩා විද්‍යා­ය­ත­නයේ අධ්‍යක්ෂ) ඉදිරි පෙළ අනු­ග්‍ර­හ­කත්ව හිමි වූ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් (වමේ සිට) - සිසිර කුමාර (ශ්‍රී ලංකා නාවික හමු­දාව), මුත්තු­සාමි සිව­රා­ජන් (ශ්‍රී ලංකා ගුවන් හමු­දාව), තිස්ස ගුණ­සේ­කර (ශ්‍රී ලංකා යුද හමු­දාව), වේළු ක්‍රිශා­න්තනී (ශ්‍රී ලංකා නාවික හමු­දාව), මධු­ශානි හේරත් (ශ්‍රී ලංකා නාවික හමු­දාව), සම­න්තිකා ලිය­නගේ (ශ්‍රී ලංකා යුද හමු­දාව).

ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහාය දැක්වූ සන්නාමයක් මෙන්ම, නෙස්ලේ ලංකා සමාගමේ ප්‍රමුඛතම සන්නාමයක් වන නෙස්ටොමෝල්ට්, මෙරට මැරතන් ශූරයන් හය දෙනකුට පසුගියදා අනුග්‍රාහකත්වය පිරිනැමීය. ඒ අනුව, 2021 මාර්තු මාසයේ පැවති 46 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේදී මැරතන් අංශයෙන් ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනකුට මූල්‍ය ආධාරවලට අමතරව, ක්‍රීඩා පුහුණු කට්ටල සහ වසරක් සඳහා ප්‍රමාණවත් නෙස්ටොමෝල්ට් නිෂ්පාදන පිරිනැමීමට ද නෙස්ලේ ලංකා සමාගම පසුගියදා පියවර ගත්තේය.

″“වසර 35ක් පුරා ශ්‍රී ලංකාව තුළ සංවිධාන කෙරුණු දැවැන්තම මැරතන් තරග සඳහා නෙස්ටොමෝල්ට් අනුග්‍රහය දුන්නා. එමඟින් අප බලාපොරොත්තු වූයේ දක්ෂ දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අරමුණු බලගන්වමින්, ඔවුන්ට ජාතික මෙන්ම අන්තර්ජාතික තලයේදී සිය දස්කම් පෙන්වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර දීමයි. තරුණ ක්‍රීඩකයන්ට අඛණ්ඩව තම පුහුණුවීම්වල නිරත වෙමින්, මැරතන් ක්‍රීඩාව තුළ සාර්ථක වෘත්තීය ගමනක් යාමට මෙමඟින් දිරිගැන්වීමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.” නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති රුවන් වැලිකල මහතා පැවසීය.

 

නව අදහස දක්වන්න