චීන ජාතිකයෙක්ට මරු කැඳ වූ රිය අනතුර | දිනමිණ

චීන ජාතිකයෙක්ට මරු කැඳ වූ රිය අනතුර

පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කුරුඥම්පිටිය  වංගුවේ දී සුඛෝපභෝගී වෑන් රියක් අද (16)  පෙරලීමෙන් එහි ගමන් ගත් චීන ජාතික රියදුරා මිය ගොස් ඇතැයි, කල්පිටිය පොලිසිය පවසයි.
 
අධික වේගය නිසා වාහනය රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන,විදුලි කණුවක ගැටීමෙන්  මෙම අනතුර සිදුව ඇතැයි කල්පිටිය පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් සුනිල් මහතා පවසයි.
 
බරපතළ තුවාල ලත් රියදුරු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇත.මෙසේ මිය ගොස් ඇත්තේ කොළඹ පදිංචි 44 හැවිරිදි හංග් යෙචේන්ග් (Huang  yicheng)නම් විවාහකයෙකි.වාහනයේ පසු ආසනයේ  ගමන් ගත් චීන ජාතිකයින් දෙදෙනාට කිසිදු තුවාලයක් නොමැත.
 
කල්පිටිය  පොලිසිිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ  සිදු කරයි
 
(කල්පිටිය සමූහ )

නව අදහස දක්වන්න