Saturday, මැයි 14, 2022 - 01:00
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීන් අතර හමුවක් අද (14) පැවැත්වීමට නියමිතව තිබේ.
අද උදෑසන 10.00ට මේ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. රටේ පවතින වත්මන් තත්ත්වය මෙන්ම පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය 09 වැනිදා රටේ ඇති වූ සිදුවීම්වලින් අනතුරුව ජනාධිපතිවරයා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් අතර සිදු වන පළමු හමු වීම මෙය වේ.
නුවන් කොඩිකාර
නව අදහස දක්වන්න