Thursday, සැප්තැම්බර් 9, 2021 - 01:00
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධිය
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත කළමනාකරණය කළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි හරින්ද්‍ර කල්පගේ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (8) අත්අඩංගුවට ගෙන තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ යම් දත්ත ප්‍රමාණයක් මැකි යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එපිඩ් ලංකා ටෙක්නොලොජි ආයතනයේ විධායක අධ්යක්ෂ වරයායි.
මෙම ටෙන්ඩරය දී ඇත්තේ යහපාලන ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කාලයේදීය.
මෙම දත්ත මැකී යෑම සම්බන්ධයෙන් අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.
සුභාෂිණී සේනානායක
නව අදහස දක්වන්න