නාමල් - රුවන්ති ඒකත් විකුණයි...! | දිනමිණ

නාමල් - රුවන්ති ඒකත් විකුණයි...!

නාමල් උඩුගම-රුවන්ති මංගලා ලංකාවේ ජනප්‍රිය කලා තරු යුවළක්. මේ දෙදෙනා නිතර දෙවේලේ රූපවාහිනියෙන් අපේ නෙත ගැටෙනවා. මේ දවස්වල මේ දෙදෙනා ගැන දැනගන්නට තිබෙන අලුත්ම පුවත තමයි ‍ගෙවල් මාරු කළ පුවත. හිටි හැටියේම රුවන්තියි නාමලුයි තමන් මෙතෙක් කල් ජීවත් වු නිවෙස විකුණා දැමුවේ ඇයි ? මේ ගැන සොයා බලන්න අපි රුවන්තිට කතා කළා.

'අපි පදිංචිය වෙනස් කළා. මොකද නාමල්ගේ රෝගී තත්ත්වය නිසා අධික වියදමක් දරන්න අපිට සිදුවුණා. ඉතින් ඒ දේවලුත් එක්ක අපේ නිවෙස විකුණා දමා අලුත් සාමාන්‍ය නිවෙසකට යන්න අපිතීරණය කළා. දැන් අපි ඉන්නේ කලපලුවාව, රාජගිරිය ප්‍රදේශයේ. කොළඹට කිට්ටු නිසා දැන් අපිට නාමල්ගේ ප්‍රතිකාර කටයුතු වගේම කලා කටයුතුත් පහසුවෙන් කර ගන්න පුළුවන්.'

නව අදහස දක්වන්න