ලග්ගල කොවිඩ් ප්‍රතිකාර රෝහලට රුපියල් ලක්ෂයකට අධික අත්‍යවශ්‍ය භාණ්ඩ | දිනමිණ

ලග්ගල කොවිඩ් ප්‍රතිකාර රෝහලට රුපියල් ලක්ෂයකට අධික අත්‍යවශ්‍ය භාණ්ඩ

නව ලග්ගල පිහිටි කොවිඩ් ප්‍රතිකාර රෝහලට රුපියල් ලක්ෂයකට අධික අත්‍යවශ්‍ය භාණ්ඩ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය මඟින් පරිත්‍යාග කිරීම 24 දින පස්වරුවේ සිදු කෙරිණි.

ලග්ගල ප්‍රාදේශීය රෝහල කොවිඩ් ප්‍රතිකාර රෝහලක් බවට පත් කොට එහි සියයකට වඩා අධික රෝගීන් පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

එහි ප්‍රතිකාර ලබන බොහෝදෙනාට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ පිරිසුදු කිරීමේ උපකරණ විසබීජහරණය කිරීම දියර සනීපාරක්ෂක දේ ඇතුළු බොහෝ දේ ගෙන්වා ගැනීමට නොහැකි බව වාර්තා වීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය ඒකාබද්ධ වී එහි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන රෝහලටම ගොස් ඒවා පරිත්‍යාග කිරීම සිදු කරනු ලැබූහ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරෑවුල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට ක්ව සිටි අතර රෝහලේ භාර වෛද්‍යවරයාට මෙම භාණ්ඩ සියල්ල ලබා දීම සිදු කළහ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරෑවුල මහතා ඇතුළු පිරිස රෝහලේ භාර වෛද්‍යවරයාට එම භාණ්ඩ භාරදෙන අවස්තාවයි .

සීගිරිය විශේෂ

 

නව අදහස දක්වන්න