ජනතාවගේ ප්‍රධාන දුර්වලකම රාජ්‍ය අංශයේ රැකියාවකට දක්වන ලැදියාවයි - හිටපු ජනාධිපති | දිනමිණ

ජනතාවගේ ප්‍රධාන දුර්වලකම රාජ්‍ය අංශයේ රැකියාවකට දක්වන ලැදියාවයි - හිටපු ජනාධිපති

අපේ රටේ ජනතාවගේ පවතින ප්‍රබලතම දුර්වලකම රාජ්‍ය අංශයේ රැකියාවක් සඳහා දක්වන ලැදියාව යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. ඒ මහතා මෙසේ පැවසුවේ පොලොන්නරුව නව නගරය හා බැදිවැව ප්‍රදේශවල පිහිටුවනු ලැබූ අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු හා සේවා මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

අපි කොහොමද අපේ ජීවන තත්ත්වය උසස් කර ගන්නේ. මේ රටේ තිබෙන ප්‍රධාන දුර්වලකම තමයි රාජ්‍ය සේවයට පමණක් ලැදිකමක් දැක්වීම. නමුත් අපි රටක් විදිහට කොහොමද ගොඩනඟන්නේ, දේශීය නිෂ්පාදනයෙන් අපේකම, අපේ දේ ගැන හිතන්නේ නැහැ. මීට කලකට පෙර සටන් පාඨයක් තිබුණා සියරට දේ සිරි සැප දේ කියලා. එදා එහෙම කිව්වේ අපේ දේවල්වල වටිනාකම අපිට සියලු අතින්ම සැපයක් දෙනවා කියන එක. කායික, මානසික, සමාජීය, ආර්ථීක, දේශපාලන සෑම අංශයකින්ම වැදගත්කම දීලා තිබුණා. අපේ දේවල් ගැන විශ්වාසය තබන්නන් අපේ දේවල් ගැන අපි කටයුතු කරන්නෙත් අප තුළ ඒ සඳහා හැඟීමක් තිබුණොත් විතරයි. අද ලෝකයේ මහා බලවතුන් වෙලා ඉන්නා ඉන්දීය රජය මේ තරම් ඉක්මනින් ලෝක බලවතුන් ව‍ුණේ ඒ රටේ ජනතාවගේ, ඒ රටේ දේවල් ගැන තිබුණු කැපවීම නිසා බව හිටපු ජනාධිපතිවරයා කීය.

ඇම්. පී. සරත් - පොලොන්නරුව දිස්ත්‍රික් සමූහ

නව අදහස දක්වන්න