අර්ජුනත් එජාපයේ තනතුරක් එපා කියයි | දිනමිණ

අර්ජුනත් එජාපයේ තනතුරක් එපා කියයි

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය තමන් භාර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (27) ලිඛිතව දැනුම් දී තිබේ.

රටේ යහපත් ඉදිරි ගමනක් සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට එක්සත් ජාතික පක්ෂය තවමත් අපොහොසත් වී ඇති බවද රණතුංග මහතා පක්ෂ නායකවරයා වෙත යැවූ ලිපියේ සඳහන් කර තිබේ. 2020 මැතිවණයේදී අන්ත පරාජයක් ලැබීමෙන් පසුවද තමා පක්ෂය සමඟ රැඳුණේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් සංවිධානය කෙරෙනු ඇත යන අපේක්ෂාවෙන් නමුත් අද වනතුරුත් එවැනි සාධනීය වැඩපිළිවෙළක් හෝ සංවිධානයක් ඇති බවක් නොපෙනෙන බවද හෙතෙම එහි දක්වා තිබේ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරට තමා පත් කර ඇති බවට දන්වා ඇතත් පවත්නා පසුබිම යටතේ එම තනතුර ප්‍රතික්ෂේප කිරීමට තමා අදහස් කළේ රටේ යපහත් ඉදිරි ගමනක් සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට පක්ෂය තවමත් අපොහොසත් වී ඇති බව පෙනෙන බැවින් යැයිද රණතුංග මහතා සඳහන් කර තිබේ.

මේ අතර පක්ෂයේ ජාතික සංවිධායක ධුරය භාර නොගත් නවීන් දිසානායක මහතා සහ අර්ජුන රණතුංග මහතා එක්ව අද (28) දින මාධ්‍ය හමුවක්ද කැඳවා තිබේ.

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න