එක්දින තරගාවලිය බංග්ලාදේශය ජය ගනී | දිනමිණ

එක්දින තරගාවලිය බංග්ලාදේශය ජය ගනී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායමට එරෙහිව පැවැති තුන්වැනි හා අවසන් එක්දින තරගයෙන් වාර්තාගත ලකුණු 120ක ජයක් ලැබූ බංග්ලාදේශ පිල තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 3-0කින් ජය ගත්තේය.

කාසියේ වාසිය දිනූ කොදෙව් පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල ඕවර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 297ක් රැස් කිරීමට සමත් වු අතර, පිතිකරුවන් සිවුදෙනකුම අර්ධ ශතක රැස් කළහ. නායක ටමීම් ඉක්බාල් ලකුණු 64ක් ද, ශකීබ් අල් හසන් ලකුණු 51ක් ද, මුෂ්ෆිකුර් රහීම් ලකුණු 64ක් ද, මහ්මුදුල්ලා නොදැවී ලකුණු 64ක් ද රැස් කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් පිල ඕවර 44.2කදී ලකුණු 177කට දැවී ගියේය. පන්දු යැවීමේදී මොහොමඩ් සයිෆුඩීන් කඩුලු 3ක් දවාලීය. තරගයේ වීරයා සම්මානය මුෂ්ෆිකුර් රහීම්ට හිමි වූ අතර, ශකීබ් අල් හසන් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.

 

නව අදහස දක්වන්න