LPL තරගාවලිය කල් යයි | දිනමිණ

LPL තරගාවලිය කල් යයි

ලංකා ප්‍රීමියර් ලීග් (LPL) පන්දු වාර 20/20 ක්‍රිකට් තරගාවලිය

ලබන නොවැම්බර් 14 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර තිබූ ලංකා ප්‍රීමියර් ලීග් (LPL) පන්දු වාර 20/20 ක්‍රිකට් තරගාවලිය සති දෙකකින් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

කොවිඩ් වෛසරය මර්දනය සඳහා සෞඛ්‍ය අංශ විසින් හඳුන්වා දී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට සිදුවීම හේතුවෙන් මෙම තරගාවලිය සති දෙකකින් කල් දැමීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මෙම තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන්ද සහභාගි වන බැවින් ඔවුන්ට සති දෙකක නිරෝධායන කාලසීමාවකට යටත් වීමට සිදු වේ. මේ හේතුව නිසා පෙර සැළසුම් කර තිබූ පරිදි නොවැම්බර් 14 වැනිදා තරගාවලිය ආරම්භ කිරීමට නොහැකි වී ඇත.

මෙම තරගාවලියේ ක්‍රීඩක වර්ගීකරණය හෙට (01) දිනයේදී අන්තර්ජාලය හරහා සිදු කිරීමට නියමිතය. කෙසේ නමුත් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 05 න් මේ දක්වා හිමිකාරීත්වය ලබාගෙන තිබෙන්නේ ගාල්ල කණ්ඩායම සඳහා පමණි.

නව අදහස දක්වන්න