2020 ජගත් සංචාරක දින සැමරුම රත්තොටදී | දිනමිණ

2020 ජගත් සංචාරක දින සැමරුම රත්තොටදී

මෙවර අන්තර්ජාතික සංචාරක දින සැමරුම් උළෙල සැප්තැම්බර් 29 අඟහරුවාදා දවස පුරා රත්තොටදී පැවැත්වීමට නියමිතය. දුම්බර වනපෙතේ පරිසර පද්ධති ආශ්‍රිතව හරිත සංචාරක අවකාශය සඳහා අගය එකතු කිරීමේ අරමුණින් දුම්බර වනපෙත ආශ්‍රීත මාතලේ රත්තොට මැදවත්ත රාජ්‍ය වතුයායේ දන්කන්ද වැව ආශ්‍රීතව එය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී සෞඛ්‍ය උපදෙස් වලට අනුව පුද්ගලයන් 50ක ගේ සහභාගිත්වයෙන් හා දහ දෙනකුගේ සේවා සම්බන්ධීකරණය සහිතව එකට නොවැඩි සහභාගිත්වයක් තහවුරු කරගෙන උත්සවයේ සිදු කරනු ලබන බව සංවිධායකයෝ කියා සිටිති. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, රත්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව, දුම්බර වන පාලක කාර් යාලය, මැදවත්ත රාජ්‍ය වතුයාය හා ග්‍රැෆික් ශ්‍රී ලංකා ආයතනය වැඩසටහන සදහා සත්කාරක දායකත්වය සපයයි.

නව අදහස දක්වන්න