බලය බෙදීමට පෙනී නොසිටියත් මැතිවරණයක් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා | දිනමිණ

බලය බෙදීමට පෙනී නොසිටියත් මැතිවරණයක් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා

ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ජනාධිපතිට කියති

බලය බෙදීම වෙනුවෙන් පෙනී නොසිටියත් මැතිවරණයක් ලබා ගැනීම සඳහා තමන් තදින්ම ඉදිරිපත්ව සිටින බව ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කළහ. ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් එම කරුණු සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය. ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු ජනාධිපතිවරයා කරනු ලැබූ දැනුම් දීමකට අනුව එම හමුවට සහභාගි වූහ.

මේ අවස්ථාවේදී තමන්ට අවශ්‍ය කරන්නේ බලය බෙදීමක් නොව ඡන්දයක් යැයි ද ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවේ වැඩිදුරටත් කියා සිටියහ. බලය බෙදීම තමන්ගේ කටයුත්තක් නොව එය රජයේ කටයුත්තකැයි සාකච්ඡාවට සහභාගි වූ මන්ත්‍රීවරු කියා සිටියහ. ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ඡන්දයක් ගැනීම කළ යුත්තේ තමන් නොව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ එකඟතාවයෙන් බවයි.

නව අදහස දක්වන්න