අන්තරේට එරෙහිව අධිකරණ නියෝගයක් | දිනමිණ

අන්තරේට එරෙහිව අධිකරණ නියෝගයක්

අද (07) පෙරවරු 11:00 සිට රාත්‍රී 10:00 දක්වා කාලය තුළ වසන්ත මුදලිගේ ඇතුළු පිරිසකට ප්‍රදේශ රැසකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙයි 
 
 මේ අනුව ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ගාලු මුවදොර ඇතුළත් විම වළක්වමින් මෙම නියෝගය නිකුත් කර ඇත 
 
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් රජයට එරෙහිව අද (07) දහවල් කොටුව දුම්රියපොළ අසලින් විරෝධතා පා ගමනක් සංවිධානය කිරීමට සැලසුම් කර තිබීම මීට හේතුව වී තීබේ 

නව අදහස දක්වන්න