නයිජීරියා ජනාධිපතිවරණය බෝලා ජය ගනී | දිනමිණ

නයිජීරියා ජනාධිපතිවරණය බෝලා ජය ගනී

නයිජීරියා ජනාධිපතිවරණය බෝලා ජය ගනී

අප්‍රිකාවේ විශාලතම මැතිවරණය ලෙස සැලකෙන නයිජීරියාවේ ජනාධීපතිවරණයෙන් වත්මන් පාලක පක්ෂයේ අපේක්ෂක බෝලා ටිනුබි ජයගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු ආණ්ඩුකාරයකු වන 70 හැවිරිදි එරට වඩාත්ම ධනවත් දේශපාලකයකු ලෙස ප්‍රකට පුද්ගලයෙකි. එහෙත් ජනාධිපති සහ උපජනාධිපති තෝරා ගන්නා මේ මැතිවරණය නීත්‍යානුකූල ලෙස නොපැවැත්වූ බවට චෝදනා කරමින් විපක්ෂය නීතිය හමුවට යන බව මේ වනවිටත් නිවේදනය කර තිබේ.

බෝලා ටිනුබි සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 37% ක ප්‍රතිශතයක් ලබා ඇති අතර, ප්‍රතිවාදී අපේක්ෂකයන් වන අටිකු අබූබකර් 29% ක්ද, කම්කරු පක්ෂයේ පීටර් ඔබි 25% ක ප්‍රතිශතයක් ද ලබා ඇතැයි වාර්තා වේ.

මිලියන 88ක ඡන්දදායකයන් ප්‍රමාණයක් සිටින නයිජීරියාවේ ජනාධිපතිවරණය යළි පවත්වන ලෙස විපක්ෂය විරෝධතාවක නිරත වූවද, එරට ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරණයට නීතියෙන් අභියෝගයක් එල්ල වී නැති බව ද වාර්තා වේ.

 

නව අදහස දක්වන්න