"හිතුමතේ ජීවිතේ " මරණයට - දේහය භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවෙයි | දිනමිණ

"හිතුමතේ ජීවිතේ " මරණයට - දේහය භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවෙයි

පසුගිය කාලයේ මාධ්‍ය පුරා මාධ්‍ය පුරා විවීධ පුවත් මැවූ හිතුමතේ ජීවිතේ නමින් ප්‍රසිද්ධව සිටි පුද්ගලයා පසුගිය 13 වන දින ජීවිතක්ෂයට පත් වී තිබෙයි.
 
මෙම පුද්ගලයාගේ දේහය මේ වන විට කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර දේහය භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත්ව නැති බව වාර්තා වෙයි
 
තම එකම නැගණිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු හය දෙනෙකු  ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම නියමව වසර හතළිස් තුනක් බන්ධනාගාරගතව සිටි බව පැවසෙන , 1972 වසරේදී නම කිවූ සැණින්  කාගේත්  සිත් සලිත කරවන "හිතුමතේ ජීවිතේ" නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වූ පුද්ගලයකු  ඉකුත් දා ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර ඔහුගේ මෘත දේහය පිළිබඳ  පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා භාරකරුවෙකු වෙතොත් තොරතුරක් ලබා දෙන ලෙස බොරලැස්ගමුව පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
 
මොහු නමින් බටුගහගේ දොන් සුමතිපාල වන අතර කළුතර  ප්‍රදේශයේ උපන් පුද්ගලයෙකි.  ඔහුට සිටියේ එකම නැගණියකි. ඇයගේ සුරූපී බව හේතුවෙන් 1972 වසරේදී පැවති බක්මහ උළෙලකදී අවුරුදු කුමාරිය ලෙස තේරී පත්ව  තිබුණි . එහෙත් ජයග්‍රහණයෙන් පසුව සිය නැඟණිය එදින නිවසට නොපැමිණීම නිසා  රාත්‍රී 07 පමණ සිය පියා සමග  සුමතිපාල නැගණිය සොයා නගරය පුරා  සැරිසරා තිබු අතර එහිදී ඔවුන්ට හමුවූ නැගණියගේ පාසල් මිතුරියකගෙන් දැනගන්නට ලැබුනේ  කළුතර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා මෝටර් රථයකින් නැගණිය පැහැරගෙන  පළා ගිය බවයි .
 
ඒ අනුව සුමතිපාල සහ පියා දිගින් දිගටම අතුරුදන් වූ නැගණිය සොයා විපරම් කිරීමේදී දැන ගන්නට ලැබුනේ එම පොලිස් නිළධාරියා ඔහුගේ ඥාතිවරයකුට අයත් හෝටලයකට  රැගෙන ගොස් එහිදී ඇයව දූෂණය කොට මරා දමා ඇති බවටයි. මේ බව  බටුගහගේ දොන් සුමතිපාල පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍යයට පවසා තිබුණි .
 
පසුව තම එකම නැගණිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ කළුතර මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව මොහු විසින් ඝාතනය කළ බවත් ඊට වරදකරු කරමින් 1975  වසරේදී බෝගම්බර බන්ධනාගාරය තුළදී තමාව එල්ලා මරා දමන ලෙසටත්  අධිකරණයෙන් නියෝගයක් කර තිබූ බවත් ඔහු පවසා තිබුණි .
 
පසුව මරණ දඬුවම නියමව බන්ධනාගාරය තුළ සිරදඬුවම් නියම ව සිටියදී මොහු අවස්ථා කිහිපයකදී ඉන් පැනගොස් තම නැගණිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ තවත් පස් දෙනෙකු අවස්ථා කිහිපයකදී විටින් විට  ඝාතනය කළ බව ද එහිදී ඔහු පවසා තිබුණි .
 
ඒ අනුව මනුෂ්‍ය ඝාතන සිදු කිරීම හා බන්ධනාගාරයෙන් පලායාම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් නැවත නැවතත් බන්ධනාගාරගතව සිටියදී 1978 වසරෙදී එවකට රජය විසින් එල්ලුම්ගහ තහනම් කිරීමත් සමග මොහුගේ මරණ දඬුවම ප්‍රමාද වී තිබුණි.
 
මේ අතර  බන්ධනාගාරය තුළදීත්   ඉන් පිටතදීත්  මොහුගේ ක්‍රියා ක්‍රියාකලාපය හේතුවෙන්  මොහුට " හිතුමතේ ජීවිතේ  " නමින් අන්වර්ථ නාමයක්  පටබැදුණු බව ඔහු කියා සිටී.
 
මෙලෙස බන්ධනාගාර ගතව සිටි බටුගහගේ දොන් සුමතිපාල නොහොත්  "හිතුමතේ ජීවිතේ " නමැති මොහුට වසර 43 මාස 08  පසුව ඉකුත් 2018 වසරේදී ජනාධිපති සමාව යටතේ නිදහස ලැබී තිබූ අතර පසුව ඔහු ඉන් නිදහස්ව පැමිණ  කුලියාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකට  වී නිදහසේ කල්ගත කරමින් සිටි බවට  ද වාර්තා වී තිබුණි .
 
මොහු නමින් බටුගහගේ දොන් සුමතිපාල වන අතර කළුතර  ප්‍රදේශයේ උපන් පුද්ගලයෙකි.  ඔහුට සිටියේ එකම නැගණියකි. ඇයගේ සුරූපී බව හේතුවෙන් 1972 වසරේදී පැවති බක්මහ උළෙලකදී අවුරුදු කුමාරිය ලෙස තේරී පත්ව  තිබුණි . එහෙත් ජයග්‍රහණයෙන් පසුව සිය නැඟණිය එදින නිවසට නොපැමිණීම නිසා  රාත්‍රී 07 පමණ සිය පියා සමග  සුමතිපාල නැගණිය සොයා නගරය පුරා  සැරිසරා තිබු අතර එහිදී ඔවුන්ට හමුවූ නැගණියගේ පාසල් මිතුරියකගෙන් දැනගන්නට ලැබුනේ  කළුතර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා මෝටර් රථයකින් නැගණිය පැහැරගෙන  පළා ගිය බවයි .
 
ඒ අනුව සුමතිපාල සහ පියා දිගින් දිගටම අතුරුදන් වූ නැගණිය සොයා විපරම් කිරීමේදී දැන ගන්නට ලැබුනේ එම පොලිස් නිළධාරියා ඔහුගේ ඥාතිවරයකුට අයත් හෝටලයකට  රැගෙන ගොස් එහිදී ඇයව දූෂණය කොට මරා දමා ඇති බවටයි. මේ බව  බටුගහගේ දොන් සුමතිපාල පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍යයට පවසා තිබුණි .
 
පසුව තම එකම නැගණිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ කළුතර මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව මොහු විසින් ඝාතනය කළ බවත් ඊට වරදකරු කරමින් 1975  වසරේදී බෝගම්බර බන්ධනාගාරය තුළදී තමාව එල්ලා මරා දමන ලෙසටත්  අධිකරණයෙන් නියෝගයක් කර තිබූ බවත් ඔහු පවසා තිබුණි .
 
පසුව මරණ දඬුවම නියමව බන්ධනාගාරය තුළ සිරදඬුවම් නියම ව සිටියදී මොහු අවස්ථා කිහිපයකදී ඉන් පැනගොස් තම නැගණිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ තවත් පස් දෙනෙකු අවස්ථා කිහිපයකදී විටින් විට  ඝාතනය කළ බව ද එහිදී ඔහු පවසා තිබුණි .
 
ඒ අනුව මනුෂ්‍ය ඝාතන සිදු කිරීම හා බන්ධනාගාරයෙන් පලායාම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් නැවත නැවතත් බන්ධනාගාරගතව සිටියදී 1978 වසරෙදී එවකට රජය විසින් එල්ලුම්ගහ තහනම් කිරීමත් සමග මොහුගේ මරණ දඬුවම ප්‍රමාද වී තිබුණි.
 
මේ අතර  බන්ධනාගාරය තුළදීත්   ඉන් පිටතදීත්  මොහුගේ ක්‍රියා ක්‍රියාකලාපය හේතුවෙන්  මොහුට " හිතුමතේ ජීවිතේ  " නමින් අන්වර්ථ නාමයක්  පට බැදුණු බව ඔහු කියා සිටී.
 
මෙලෙස බන්ධනාගාර ගතව සිටි බටුගහගේ දොන් සුමතිපාල නොහොත්  "හිතුමතේ ජීවිතේ " නමැති මොහුට වසර 43 මාස 08  පසුව ඉකුත් 2018 වසරේදී ජනාධිපති සමාව යටතේ නිදහස ලැබී තිබූ අතර පසුව ඔහු ඉන් නිදහස්ව පැමිණ  කුලියාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකට  වී නිදහසේ කල්ගත කරමින් සිටි බවට  ද වාර්තා වී තිබුණි .
 
 

නව අදහස දක්වන්න