ෆැඩ්නා ‘ඩයබ් ටී සබරගමුව‘ සමඟ ජීවිතයට නව ජවයක් | දිනමිණ

ෆැඩ්නා ‘ඩයබ් ටී සබරගමුව‘ සමඟ ජීවිතයට නව ජවයක්

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම (Sarvodaya Development Finance PLC - SDF) සහ ඩිමෝ සමාගම (DIMO) අතර පවතින හවුල්කාරීත්වය අලුත් කිරීමේ ගිවිසුමට පසුගියදා දෙපාර්ශ්වය විසින් අත්සන් තබන ලදි. කෘෂිකර්මාන්තයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ සඳහා විශේෂ ලීසිං අනුපාත සහ අවම මූලික ගෙවීම් ඇතුළු තවත් ප්‍රතිලාභ රාශියක් පිරිනැමීම මේ හවුල්කාරීත්වයෙහි අරමුණ වී තිබේ. 2019 වසරේ සිට ක්‍රියාත්මක වන මේ හවුල්කාරීත්වය යටතේ, ඩිමෝ සමාගම වෙතින් කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගන්නා පාරිභෝගිකයන්ට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් වෙතින් ආකර්ෂණීය ලීසිං විසඳුම් ගැනීමට අවස්ථාව හිමි වී ඇත. DIMO විසින් මෙරටට ගෙන්වා අලෙවි කරනු ලබන Mahindra හා Swaraj ට්‍රැක්ටර් සහ Lovol හා CLASS කම්බයින්ඩ් හාවස්ටර් සඳහා මේ මූල්‍ය පහසුකම් හිමි වේ.

මෙමඟින් ලැබෙන තවත් වාසියක් වන්නේ ලීසිං පහසුකම් සමඟින් මිල දී ගනු ලබන ට්‍රැක්ටර්, නිශ්චිත කොන්දේසිවලට යටත්ව නැවත මිලදී ගැනීමට ද (Buyback) DIMO සමාගම එකඟ වී තිබීමය. 2019 වසරේදී ඇති කර ගන්නා ලද මේ හවුල්කාරීත්වය, එහි සාර්ථකත්වය නිසා මෙලෙස තුන් වැනි වසරට ද අලුත් කරන ලදි. පසුගියදා පැවති චාම් උත්සවයකදී මේ ගිවිසුම අලුත් කිරීමේ කටයුතු සිදුකෙරුණු අතර, ඒ සඳහා දෙපාර්ශ්වයේ නිලධාරීහු පිරිසක් එක් වූහ.

සහනදායි පොලී අනුපාතවලට අමතරව, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම වෙතින් ලීසිං පහසුකම් ගන්නා ගනුදෙනුකරුවන්ට Mahindra සහ Swaraj ට්‍රැක්ටර් සඳහා වසර 4ක පරිපූර්ණ වගකීමක් සහ තවත් වසර දෙකක අමතර වගකීමක් හිමි වේ.

 

නව අදහස දක්වන්න