අලගියවන්න මුකවෙටිතුමන්ගේ පිළිරුවක් දොම්පේ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල භූමියේ | දිනමිණ

අලගියවන්න මුකවෙටිතුමන්ගේ පිළිරුවක් දොම්පේ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල භූමියේ

මීට වසර 500කට පෙර ජන්මලාභය ලැබූ සීතාවක සාහිත්‍ය මනාව පරිශීලනය කරමින් දීප්තිමත් තරුවක් වූ ශ්‍රේෂ්ඨ පඬිවරයකු, කවියෙකු වූ අලගියවන්න මුකවෙටිතුමන්ගේ පිළිරුවක් දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ පසුගියදා එළිදක්වන ලදී. මෙහිදී අලගියවන්න මුකවෙටි පඬිවරයාණන්ගේ නිජබිම වූ කිරිඳිවැල හිස්සැල්ල ග්‍රාමයේ ග්‍රාම සේවා නිලධාරි නිමල් කරුණාරත්න මහතා විසින් රචිත 'අලගියවන්න පඬිවර ලකුණ' කෘතිය ප්‍රාදේශීය ලේකම් එන්.ඒ.ඒ.එස්.නිස්සංකආරච්චි මහතාට පිළිගන්වන ලදී. මෙම අවස්ථාවට මහාචාර්ය නවගමුවේ රේවත හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කරන ලදී.මෙහිදී ප්‍රධාන දේශක වශයෙන් ප්‍රවීණ ලේඛක මාධ්‍යෙව්දී කුසුම්සිරි විජේවර්ධන මහතා ද, කිවිඳියන් හා ප්‍රදේශයේ සාහිත්‍යධරයන් හා කලාකරුවන් රැසක් ද සහභාගි විය.

ජී.එස්.තැලිගම - කිරිඳිවැල සමූහ

 

නව අදහස දක්වන්න