සංවේදී පාරිසරික කලාප හඳුනා ගැනීමට පරිසර අමාත්‍යංශයෙන් වැඩපිළිවෙලක් | දිනමිණ

සංවේදී පාරිසරික කලාප හඳුනා ගැනීමට පරිසර අමාත්‍යංශයෙන් වැඩපිළිවෙලක්

ග්‍රාමීය‍ ගොවි ජනතාවගේ වගා කටයුතු සඳහා සුදුසු ඉඩම් වෙන් කිරීමේදී විශාල පරිසර හානියක් සිදුවන බවට චෝදනා රැසක් එල්ල වන බවත්, ඊට අදාලව ගැටලු රැසක් මේ වනවිටත් හඳුනාගෙන ඇති බවත් පරිසර අමාත්‍යංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
 
ඊට විසඳුමක් ලෙස අනිවාර්යෙන් ආරක්ෂා කරගත යුතු සංවේදී පරිසර කලාප හඳුනා ගැනීම සඳහා පරිසර අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව ලේකම්වරයා සදහන් කරයි.
 
විවිධ පුද්ගලයන්ගේ මැදිහත්වීම් හරහා සිදුවන පරිසර හානි වළක්වා ගැනීමටද මේ හරහා හැකියාව ලැබෙන බවද ලේකම්වරයා පැවසීය.
 
ගම්බද ජනතාවගේ පාරම්පරික කෘෂිකාර්මික කටයුතු සඳහා ඔවුන්ට අවශ්‍ය ඉඩම් ඇතුළු පහසුකම් සැළසීම රජයේ ප්‍රතිපත්තිය බවත්, පරිසරයද උපරිම අයුරින් ආරක්ෂා කර ගනිමින් ගොවීන්ට අවශ්‍ය ඉඩම් ලබාදීම සිදුකළ යුතු බවත් අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.
 
 

නව අදහස දක්වන්න