පලස්තීනයේ ගාසා තීරයේ අඩු ආදායම්ලාභී ජනතාවට පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් | දිනමිණ

පලස්තීනයේ ගාසා තීරයේ අඩු ආදායම්ලාභී ජනතාවට පානීය ජලය ලබාදීමේ වැඩසටහනක්

පලස්තීනයේ ගාසා තීරයේ අඩු ආදායම්ලාභී ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබාදීම සහ විවිධ රෝගාබාධයන්ට ලක්ව සිටින පිරිසට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට මුදල් ආධාර පිරිනැමීමේ සමාජ සත්කාරක සේවා වැඩසටහනක් සිංගප්පූරු ශ්‍රී ලංකා සහරා පදනම විසින් ක්‍රියාත්මක කරන ලදී.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ දැනට සිංගප්පූරුවේ ජීවත්වන ප්‍රකට ව්‍යාපාරිකයකු වන මොහොමඩ් පාසාල් ජෙෆ්රි මහතා ප්‍රධාන පරිත්‍යාගශීලීන් කිහිපදෙනකු විසින් මේ පදනම හරහා වාර්ෂිකව විවිධ සමාජ සුබසාධන සේවා කටයුතු කරන බව පලස්තීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ෆවුසර් අන්වර් මහතා පවසයි.

පලස්තීනයේ ගාසා තීරයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට මාසයක් පුරා ක්‍රියාත්මක කළ සත්කාරක සේවාවට ප්‍රථම පදනමේ සභාපති ජෙෆ්රි මහතා ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මුල් කාලයේදී පලස්තීනයේ රාමල්ලා ප්‍රාන්තයේ පුට්නියාහි මාර්ගයක් ඉදිකරන ලදී. මහින්ද රාජපක්ෂ මාර්ගය ලෙස නම් කොට ඇති නාමපුවරුව අසල ශ්‍රී ලංකා සහරා පදනමේ සභාපති ජෙෆ්රි සහ හිටපු පලස්තීන තානාපති ෆවුසර් අන්වර් මහත්වරු සිටින අයුරු සහ පානීය ජලය ලබාදෙන අයුරුයි මේ ඡායාරූපවල දැක්වේ.

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න