JKI හෝල්ඩින්ග්ස් සමාගමට ව්‍යාපාර විශිෂ්ටතා තරු තුනේ සම්මානයක් | දිනමිණ

JKI හෝල්ඩින්ග්ස් සමාගමට ව්‍යාපාර විශිෂ්ටතා තරු තුනේ සම්මානයක්

JKI හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන සහ ව්‍යවසාය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව සංවිධාන කළ රාජ්‍ය තරු සම්මාන 2019 උලෙළේ දී මධ්‍යම පරිමාණ සේවා කාණ්ඩයේ විශිෂ්ටම ව්‍යවසායකත්වයට හිමි තරු තුනේ සම්මානයෙන් පිදුම් ලැබීය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේ දී JKI හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දේශබන්ධු ජගත් කරුණාරත්න මහතා වෙත සම්මානය පිරිනැමිණි. මධ්‍යම පළාත් රාජ්‍ය තරු සම්මාන 2015 උලෙළේ දී මහා පරිමාණ සේවා කාණ්ඩයේ සහතික සම්මානය ද, 2016 දී මධ්‍යම පරිමාණ සේවා කාණ්ඩයේ විශිෂ්ටම ව්‍යවසායකත්වයට හිමි තරු දෙකේ සම්මානය ද, 2017 දී මධ්‍යම පරිමාණ සේවා කාණ්ඩයේ විශිෂ්ටම ව්‍යවසායකත්වයට හිමි තරු එකේ සම්මානයද හිමි වූයේ JKI හෝල්ඩින්ග්ස් සමාගමටය.

JKI හෝල්ඩින්ග්ස් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගම් වන මාස් හෝල්ඩින්ග්ස්, හෙළ ක්ලෝතින්, බ්‍රැන්ඩික්ස්, CBL (මන්චී) සහ නෙස්ලේ යන ආයතන සඳහා ඉදි කිරීම්, උද්‍යාන අලංකරණ, සනීපාරක්ෂක හා උපයෝගීතා කළමනාකරණ සේවා සපයයි. වාස්තු විද්‍යානුකූලව සහ නම්‍යශීලීව ලබා දෙන විශිෂ්ට සේවා හේතුවෙන් කෙටි කාලයක දී සමාගම ජනතා විශ්වාසය ඉහළින්ම දිනා ඇත.

ටානියා ගෲප් නමින් ව්‍යාපාර ලෝකයට පැමිණි දේශබන්ධු ජගත් කරුණාරත්න මහතා JKI හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම නමින් වසර 20ක කීර්තිමත් අඛණ්ඩ ව්‍යාපාර ගමනක් පැමිණ තිබේ. ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිම් වලලු පුළුල් කරමින් වර්තමානයේ දී සමාගම සංචාරක ක්ෂේත්‍රයට ද අවතීර්ණ වී ඇත.

දැනට මාස් හෝල්ඩින්ග්ස්, හෙළ ක්ලෝතින්, බ්‍රැන්ඩික්ස්, CBL (මන්චී) සහ නෙස්ලේ යන සමාගම් ආශ්‍රිතව සේවකයන් 500කට අධික ප්‍රමාණයකට රැකියා උත්පාදනය කර ඇති අතර, අනෙකුත් ආයතනවලද විශාල පිරිසකට රැකියා උත්පාදනය කර දී තිබේ. දේශීය ව්‍යාපාර ක්ෂේත්‍රයට ශක්තියක් වෙමින් තරුණ තරුණියන් සඳහා රැකියා උත්පාදනය කර ඔවුන්ගේ ආර්ථිකයට ශක්තියක් වීම දේශබන්ධු ජගත් කරුණාරත්න මහතාගේ ඒකායන අරමුණය.

 


නව අදහස දක්වන්න