මෙක්සිකෝවේ කොරෝනා ආසාදිතයෝ 268,000 පනී | දිනමිණ

මෙක්සිකෝවේ කොරෝනා ආසාදිතයෝ 268,000 පනී

මරණ 32,000යි

මේ වන විට කොරෝනා ආසාදිතයන් 268,000ක් සිටින මරණ 32,000 ඉක්මවා ලොව කොරෝනා මරණවලින් 5 වන ස්ථානයේ සිටින මෙක්සිකෝව ඉතාම ඉක්මනින් ඉතාලිය පසු කරමින් සිව්වැනි ස්ථානයට පැමිණෙනු ඇතැයි විශ්වාසය පළ වී තිබේ.

දැනට සිව්වැනි ස්ථානයේ සිටින්නේ කොවිඩ් මරණ 34,000 ඉක්මවා සිටින ඉතාලියයි. 2020 මැයි මස සිට 2020 ජුලි මස දක්වා කාලය අතරතුර ඉතාලියේ කොවිඩ් 19 මරණ අනුපාතය සහ මෙක්සිකෝවේ කොවිඩ් 19 මරණ අනුපාතය සංසන්දනය කරන ග්ලෝබල්ඩේටා ආයතනයේ වසංගත රෝග විද්‍යාඥයෝ මේ බව කියති. දෛනික මරණ අනුපාතය සංසන්දනය කරන විට මේ සතියේ අගභාගය වන විට මැක්සිකෝව ඉදිරියට පැමිණෙනු ඇතැයි අනාවරණය වී ඇත. මෙක්සිකෝවේ දිනක කොවිඩ් මරණ 500ක් සිදුවන අතර, ඉතාලියේ දෛනික කොවිඩ් මරණ අනුපාතය 20කට සීමාවේ. ඉතාලියේ කොවිඩ් මරණ උපරිමයට පැමිණයේ මාර්තු අගභාගයේ වන අතර මෙක්සිකෝවේ වර්ධනය තවමත් පෙන්නුම් කරයි. වසංගත සමයේ නිවාසවලට වී සිටින ලෙස මෙක්සිකෝ ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටින අතර එරට බොහෝ නගර සභා බල ප්‍රදේශවල ජනතාවට වැදගත්කමක් නැති ආර්ථික වටිනාකමක් නැති කාරණා වෙනුවෙන් එළියට පැමිණීමෙන් වළකින ලෙස දැනුම් දී ඇත.

 

නව අදහස දක්වන්න