vivo Y50 නවතම ස්මාර්ට් දුරකතනය ළඟදීම ශ්‍රී ලංකාවට | දිනමිණ

vivo Y50 නවතම ස්මාර්ට් දුරකතනය ළඟදීම ශ්‍රී ලංකාවට

නවීනතම ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදකයා වන vivo Mobile ඔවුන්ගේ නවතම mid range ස්මාර්ට් ජංගම දුරකථනය වන Y50 දුරකතනය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට සුදානමින් සිටී.

ඉතා දිගු බැටරි ආයු කාලයක් සහ උසස්ම තත්ත්වයේ කැමරා සැකසුම් පහසුකම්වලින් සමන්විත මේ ස්මාර්ට් ජංගම දුරකතනය මගින් පුළුල් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට අපේක්ෂා කෙරේ. පසුගිය මාසයේ V19 හඳුන්වාදීමෙන් අනතුරුව මේ Y50 හඳුන්වාදීම සිදු කෙරේ. vivo වෙතින් මෙලෙස හඳුන්වා දෙනු ලබන්නේ පැවති වසංගත තත්ත්වයෙන් පසු මේ වසරේ ඔවුන් හඳුන්වාදෙන දෙවැනි ස්මාර්ට් ජංගම දුරකතනයයි. ස්මාර්ට් ජංගම දුරකතනය හරහා වැඩි කාලයක් අන්තර්ජාලයේ සැරිසරන තරුණ පරම්පරාවේ අවශ්‍යතාවන් මේ mid range ස්මාර්ට් දුරකතනය හරහා උසස් අන්දමින් සපුරාලනු ඇත.

 

නව අදහස දක්වන්න