කටුනායක පිටවීමේ පර්යන්තයට අමුත්තන් පස්දෙනෙක් ගෙන ඒමට අවසර | දිනමිණ

කටුනායක පිටවීමේ පර්යන්තයට අමුත්තන් පස්දෙනෙක් ගෙන ඒමට අවසර

කටුනායක ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය වෙත එක් ගුවන් මගියෙකුට අමුත්තන් පස්දෙනෙකු දක්වා රැගෙන ඒමට අද (06) සිට අවසර ලබා දී ඇත.
 
මෙහිදී එම මහජන ආලින්දය වෙත පැමිණෙන අමුත්තන් සහ ගුවන් මගීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ වලට අනුකූලව එම පරිශ්‍රය තුළ මුහුණු ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි කටයුතු කිරීම අනිවාර්ය බව ද විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

නව අදහස දක්වන්න