මැතිවරණ පැමිණිලි 76ක් පුද්ගලයෝ 98ක් වාහන 24ක් අත්අඩංගුවට | දිනමිණ

මැතිවරණ පැමිණිලි 76ක් පුද්ගලයෝ 98ක් වාහන 24ක් අත්අඩංගුවට

රක්ෂණ ශ්‍රියන්ත

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඊයේ (03) දින වන විට පැමිණිලි 76ක් ලැබී ඇති අතර, පුද්ගලයන් 98 දෙනකු සහ වාහන 24ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව මැතිවරණයට අදාළව පෙරේදා (02) දින පමණක් අපරාධමය පැමිණිල්ලක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 08ක් වාර්තා වී ඇති අතර, ආධාරකරුවන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට මැතිවරණයට අදාළ සම්පූර්ණ සිදුවීම් ලෙස මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 18ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 58ක් වාර්තා වී ඇති අතර, අපේක්ෂකයන් දෙදෙනකු සහ ඔවුන්ගේ ආධාරකරුවන් 96 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ සිදුවීම් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු ද මේ වන විට සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

නව අදහස දක්වන්න