ඉන්දියාවේ ගෑස් කාන්දුවක්: අනතුරෙන් 08ක් මරුට | දිනමිණ

ඉන්දියාවේ ගෑස් කාන්දුවක්: අනතුරෙන් 08ක් මරුට

දකුණු ඉන්දියාවේ ගෑස් කාන්දුවක් හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති අතර තවත් සිය ගණනක් රෝගාතුර වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.
 
අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාකාපට්ටම් නගරයේ ඇති වූ කාන්දුව එහි කම්හලකදී සිදුව තිබේ.
 
"සිය ගණනක්" මිනිසුන් රෝහල් ගත කර ඇති බව වෛද්‍යවරු සදහන් කර ඇතැයි වාර්තා වේ.
 
කොරෝනා වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ඉන්දියාව වසා දැමීමෙන් පසු පළමු වරට බලාගාරය නැවත විවෘත කරන විට මෙම සිදුව ඇතැයි වාර්තා වේ.
 
නිලධාරීන් බීබීසීයට කියා සිටියේ සිද්ධියට හේතුව කුමක්දැයි තවමත් නොදන්නා බවත් ඔවුන් විමර්ශනය කරන බවත්ය.
 
ගෑස් පැතිරීමත් සමඟ නිවැසියන් භීතියෙන් තම නිවෙස්වලින් පලා ‍ගිය බව සදහන්ය. කිලෝමීටර 03ක පමණ අරයක් පුරා දුම පැතිරී ඇති අතර බලධාරීන් අවට ප්‍රදේශවලින් ජනතාව ඉවත් කර තිබේ.
 

නව අදහස දක්වන්න