වතු කම්කරුවන් දෛනික වැටුප වැඩි කිරීමේ සාකච්ඡා අවසන් අදියරේ | දිනමිණ

වතු කම්කරුවන් දෛනික වැටුප වැඩි කිරීමේ සාකච්ඡා අවසන් අදියරේ

(බුද්ධිකා ඉඹුලාන,සිතාරා සේනානි)

 වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීම සඳහා වතු හාම්පුතුන් සමඟ පැවැත්වෙන සාකච්ඡා අවසන් වටයේ පවතින  බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

මෙම සාකච්ඡා සාර්ථක වනු ඇති බවත් මාර්තු මාසය වෙනුවෙන්වූ  එම වැටුප අප්‍රේල් මස මුලදී  ලබා දීමට හැකි වනු ඇති බවත් තමන්  විශ්වාස කරන බවද ඇමැතිවැයි කියයි.
 
කැබිනට්  තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එකවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
'ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් වූ  ගිවිසුමට වතු  සමාගම් එක්ව අත්සන් තැබීමට කටයුතු යොදනවා.මේවන විට පැවැත්වූ සාකච්ඡා ඉතාමත් ඵලදායී මට්ටමේ තිබෙනවා. මාර්තු මාසයේ දෛනික වැටුප් එකතුවන්නේ අප්‍රේල් මස මුලදී ගෙවීම් කිරීමටයි.එය ඉතා ඉක්මනින් ගෙවීමට කටයුතු යෙදීමට අප අපේක්ෂා කරනවා.'යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.
 

නව අදහස දක්වන්න