Thursday, පෙබරවාරි 13, 2020 - 01:00
වෙළෙඳ නාමයෙන් නවතම සනීපාරක්ෂක නිමැවුම් පෙළක් හඳුන්වා දීම පසුගිය දා ලංකා ටයිල්ස් නාවල ප්‍රදර්ශනාගාරයේ දී උත්කර්ෂවත්ව සිදු කෙරුණි. ආකර්ෂණීය නිමාවකින් යුතු විශිෂ්ට තත්ත්වයේ කොලෝමා සනීපාරක්ෂක භාණ්ඩ ඉතා දියුණු තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුගතව නිෂ්පාදනය වී ඇත.
‘කොලෝමා’ සනීපාරක්ෂක භාණ්ඩ වත්මන් තරගකාරී වෙළෙඳපොළ ජයග්‍රහණය කරන්නට සමත් වනු ඇතැයි ලංකා වොල්ටයිල් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්යක්ෂ මහේන්ද්‍ර ජයසේකර මහතා පැමිණ සිටි ප්රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහ වෙළෙඳ නියෝජිතයන් ඇතුළු ආරාධිතයන් පිරිස අමතමින් ප්‍රකාශ කර සිටියේය. ජාත්‍යන්තර ප්‍රමිතිය, නිෂ්පාදන ධාරිතාව, අපනයන ධාරිතාව ආදි අංශයන් පිළිබඳ විමසා බලන කල්හි ලංකාටයිල්ස් ක්ෂේත්රයේ සියල්ලන් අභිභවා ඉදිරියෙන්ම සිටින අතර ‘කොලෝමා’ ඒ තත්ත්වය තවත් උද්දීපනය කරනු ඇතැයි යන්න ද ඔහුගේ අදහස විය.
මෙහිදී සුඛෝපභෝගී නානකාමර කට්ටල ඇතුළු ආකර්ෂණීය නිෂ්පාදනයන් රැසක් හඳුන්වා දීම සිදු කෙරුණි. ඒවා අතර වෝටර් ක්ලෝසෙට්ස් (Water closets) ඉහළ ප්‍රායෝගිකත්වයෙන් යුතු වොෂ් බේසින් (Ultra functional wash basins) කවුන්ටර් ටොප්ස් (Counter tops) යනාදිය ද විය.
නව අදහස දක්වන්න