ලක්ෂ තිහක කේරළ ගංජා යාපනයෙන් අත්අඩංගුවට | දිනමිණ

ලක්ෂ තිහක කේරළ ගංජා යාපනයෙන් අත්අඩංගුවට

නිමල් රාජපක්ෂ

යාපනය මරදන්කර්නි ප්‍රදේශයේ මහා පරිමාණයේ පවත්වාගෙන ගිය ගංජා ජාවාරම්කරුවන් වටලා රුපියල් ලක්ෂ තිහක් වටිනා කේරළ ගංජා තොගයක් ,යතුරු පැදියක් සමඟ එක් සැකකරුවක් යාපනය සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුටව ගත් ගංජා තොගයේ කේරළ ගංජා කිලෝ 18ක් තිබු බව උතුරු පළාත භාර සහකාර සුරාබදු කොමාසාරිස් ප්‍රභාත් ජයවික්‍රම මහතා පවසයි.

වෙස්වළාගත් සුරාබදු නිලධාරියකු ව්‍යාජ ගැනුම්කරුවකු ලෙස ‍යොදවා ගනුදෙනු කතාකොට කේරළ ගංජා කිලෝ එකක් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලකට මිලදී ගැනීමට පොරොන්දු වී තිබේ. අදාළ සැකකරු ගංජා තොගය පොයිට්පේදුරු හා කිලිනොච්චිය අතර ඇති මරදන්කර්නි ප්‍රදේශයට රැගෙන ආ අවස්ථාවේ, ගංජා මිලදී ගන්නා මුවාවෙන් ගංජා තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදි කාලයක් තිස්සේ කේරළ ගංජා ජාවාරම ඉතා රහසිගතව කරගෙන යන බවට සුරාබදු නිලධාරීන් ඉදිරියේදී පාපොච්ජාරණය කර තිබේ.

උතුරු පළාත භාර සහකාර සුරාබදු කොමසාරිස් ප්‍රභාත් ජයවික්‍රම මහතාගේ අධීක්ෂණය යටතේ,යාපනය සුරාබදු ස්ථානාධිපති,ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.රගුනාදන් ,චාවකච්චේරි සුරාබදු ස්ථානාධිපති ඉන්දික,නියාමකවරුන් වන නිමල් ජයක්‍රිෂන්, මරියදාස් රොඩ්නි මහත්වරු මේ වැටලීම සිදු කළහ.

 

නව අදහස දක්වන්න