‘හැදෙන රටට වැඩෙන ගසක්‘ මාතලේ වන පැළ රෝපණය කරයි | දිනමිණ

‘හැදෙන රටට වැඩෙන ගසක්‘ මාතලේ වන පැළ රෝපණය කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘හැදෙන රටට වැඩෙන ගසක්‘ විශේෂ රුක් රෝපණ වැඩසටහනට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල පැළ සිටුවීම් රැසක් සිදු විය.

විශේෂයෙන් රාජ්‍ය ආයතන, පුණ්‍ය ස්ථාන මෙන්ම ස්වභාවික තුරු වදුල් පවතින ස්ථාන රැසක පැළ සිටුවීම් සිදු කිරීම මෙහි දී සිදු කෙරිණි.

පාරිසරික වශයෙන් ඉතා වැදගත් ස්ථාන ආරක්ෂා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව පුරා වන පැළ සිටුවීම මේ ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.

වැඩසටහනට සමගාමීව ලග්ගල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා ද සිය කාර්යාල භූමියේ පැළ සිටුවීමට එක්විය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නාඋල සමූහ

ඡායාරූප නාඋල සමූහ

 

නව අදහස දක්වන්න