යහපත් ප්‍රාර්ථනා ඉටුවන නව වසරක් වේවා | දිනමිණ

යහපත් ප්‍රාර්ථනා ඉටුවන නව වසරක් වේවා

මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි

ලක්වැසි සියලු ජනතාවගේ යහපත් ප්‍රාර්ථනා ඉටුවන නව වසරක් වේවායි මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ ප්‍රාර්ථනා කළහ.

මෙරට ජනතාව තුළ සුබවාදී, නව බලාපොරොත්තු රැසක් ඇතිව තිබෙන බවත් ජාති, ආගම්, පක්ෂ භේදයෙන් තොරව සියලු ජනතාව එකාවන්ව නව වසරේ කටයුතු කරනු ඇති බවත් තමන් වහන්සේ විශ්වාස කරන බවද කීහ. රටක් ඉදිරියට ගමන් කරන්නේ එරට ජීවත් වන සියලු ජනතාව එකාවන්ව කටයුතු කළහොත් පමණි.

පසුගිය කාලයේ රටේ ජනතාව අතර යම් විරසකතා නිර්මාණයවී තිබුණ අතර නව වසරේ එම සියලු භේද පසෙක තබා සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව එකම සහෝදර කැලක් ලෙස එකට එක්වනු ඇතැයි විශ්වාස කරන බව ඒ හිමියෝ ප්‍රකාශ කළ අතර රට තුළ යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීම පිණිස අවශ්‍යය පසුබිම නිර්මාණයවී තිබෙන බවත් එය යථාර්ථයක් බවට පත් කිරීමට සියලු දේශපාලනඥයන් කටයුතු කළ යුතු බවත් පැවසූහ.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න